අවසාන වශයෙන් ආර්ථික වශයෙන් ඉතාම පහළ සැලකිය යුතු නිෂ්පාදන අගයක් සහිත ඉඩම් අයිතියක් පිළිබඳ ඉඟි හමු නොවෙන පංතියක සාමාජිකයින් අපට අමරසේකරගේ කථා තුළ අතරින් පතර හමුවේ. ‘කලහය’ කෙටිකතාවේ මෙන්ම ‘ගමනක මුල’ නවකතාවේ ද හමුවන අවජාතක දරුවෙක් බිහි කරන වෙදමහත්තයාගේ පවුලේ මෙහෙකාරිය ද, එම පවුලේම මෙහෙකරුවන් ලෙස පසු නවකතාවල හමුවන බ්‍රම්පි ද අපට මෙම පංතියේ සාමාජිකයින් ලෙස හඳුනාගත හැක. මෙම පංතිය ග්‍රාමීය නිර්ධන පංතිය ලෙස හැඳින්වීමට මම කැමැත්තෙමි. ‘කරුමක්කාරයෝ’ හි අදෘෂ්‍යමාන ඉඩම් හිමියකු වූ කණුකැටියේ කන්දෙ මහත්තයාගේ වත්තේ වැඩ කරන වැටුප් ශ්‍රමිකයින් ලෙස ද අපට මෙම පංතිය අබිමුඛ වේ.
Bogus

Subscribe to:
Posts (Atom)